තිලෝ තිලක ලෝක නාත සම්බුදු සමිදේ
(උදා වදිමු හඳ බැති මල් ඔබ මා කමලේ...//)
නෙත් මුදිතා කරුනා ගුන සයුරද පරදා
තිලො අග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා
දෙසු දහම් කඳ දම් සක් සුදුරින් අරබා
(එසේ දසත මුළු ලොව සතු යහ මග හරවා..//
ලුම්බිණි සල් උයනේ විකසිත මල් අතරේ
සමනයින් ගුණ මුමුනා යන එන ගමනේ
සියතුන්ගි නගන විටදි අමතක නොකලේ
සාථා වදින ලෝක නාථ සමිදුගේ නමේ..
සාථා වදින ලෝක නාථ සමිදුගේ රාවේ...
(උදා වදිමු හඳ බැති මල් ඔබ මා කමලේ...//)
නෙත් මුදිතා කරුනා ගුන සයුරද පරදා
තිලො අග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා
දෙසු දහම් කඳ දම් සක් සුදුරින් අරබා
(එසේ දසත මුළු ලොව සතු යහ මග හරවා..//
ලුම්බිණි සල් උයනේ විකසිත මල් අතරේ
සමනයින් ගුණ මුමුනා යන එන ගමනේ
සියතුන්ගි නගන විටදි අමතක නොකලේ
සාථා වදින ලෝක නාථ සමිදුගේ නමේ..
සාථා වදින ලෝක නාථ සමිදුගේ රාවේ...





1 comments:
අපි යමක් අන්තර්ජාල අඩවියක පලකරන්නේ තවකෙකුගේ දැන ගැන්මටයි. එසේ පලකරන දෙය නිවැරදි විය යුතුයි. නැතිනම් අර යහපත් පරමාර්ථය ඉටුවන්නේ නැහැ. වදාරන්න නම් හදාරල තියෙන්න ඕනෑ කියලා වරක් වික්ටර් රත්නායකයන් කී කතාව නැවත මතක් කරන්න වෙනවා.
මේ කියන්නේ වැරදි හදාගෙන යහපත් ගමනක් යන්න යි. ඒ නිසා මැනැවින් තේරුම් ගන්න.
නිර්මලා, ඔබ පලකළ ගීය නිවරදි ලෙසින් මම මෙහි පලනරනවා. සසඳා බලන්න. මට පෙනෙන්නෙ ඔබ ඔබට ඇසුණු අයුරින් ලිවුවා කියලයි. එහෙමයි කියමුනෝ; ඒත් තමන් මේ ලියන දෙය ගැන තේරුමක් ඇතිව ඉන්න එපායැ. දම්සක් සුතුර (ධම්මචක්ඛ සූත්රය) යන්න ට ඔබ ලියා ඇත්තේ කුමක්ද බලන්න. මේ එකක් විතරයි.
තිලෝ තිලක ලෝකනාථ සම්බුදු සමිඳේ
පුදා වදිම් හද බැති මල් ඔබ පා කමලේ //
මෙත් මුදිතා කරුණා ගුණ සයුරද පරදා
තිලොවග හිමි බුදු බව ලැබ කෙළෙසුන් හැරදා
දෙසූ දහම් කඳ දම්සක් සුතුරින් අරඹා
ඇතේ දසත මුළු ලොව සත යහ මග හරවා //
ලුම්බිණි සල් උයනේ විකසිත මල් අතරේ
සමනළයින් ගුණ මුමුනා යන එන ගමනේ
සියොතුන් ගී නඟන විටදි අමතක නොකළේ
සදා වඳින ලෝකනාථ සමිඳුගෙ නාමේ
සදා වඳින ලෝකනාථ සමිඳුගෙ නාමේ
තිලෝ තිලක ලෝකනාථ සම්බුදු සමිඳේ
පුදා වදිම් හද බැති මල් ඔබ පා කමලේ //
Post a Comment