Pages

Subscribe:

Friday, May 11, 2012

වරදක් කලත් සිතකින් නොවේ

වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි

ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවේ මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුල දෝ

අසරන ඔබයි තනි වුනු ඇයයි
මට සාප කල යාවිදෝ
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ.......

ගායනය:-සනත් නන්දසිරි

තිලෝ තිලක ලෝක නාත සම්බුදු

තිලෝ තිලක ලෝක නාත සම්බුදු සමිදේ
(උදා වදිමු හඳ බැති මල් ඔබ මා කමලේ...//)

නෙත් මුදිතා කරුනා ගුන සයුරද පරදා
තිලො අග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා
දෙසු දහම් කඳ දම් සක් සුදුරින් අරබා
(එසේ දසත මුළු ලොව සතු යහ මග හරවා..//

ලුම්බිණි සල් උයනේ විකසිත මල් අතරේ
සමනයින් ගුණ මුමුනා යන එන ගමනේ
සියතුන්ගි නගන විටදි අමතක නොකලේ
සාථා වදින ලෝක  නාථ සමිදුගේ නමේ..
සාථා වදින ලෝක  නාථ සමිදුගේ රාවේ...

ගායනය:-බන්ඩාර අතාවුද

 
Blogger Templates