Pages

Subscribe:

Saturday, August 3, 2013

හන්තානෙට පායන හඳ (ගායනය අමරසිරි පිරිස් )

හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න


ගායනය – අමරසිරි පීරිස්
සංගීතය – විශාරද ඩෙනිස්ටර් පෙරේරා

හිරුට දෙන්නේ නෑ සදුට දෙන්නේ නෑ

හිරුට දෙන්නේ නෑ සදුට දෙන්නේ නෑ
ඔබ මට පිදු ඒ සෙනෙහස
වෙන කාටත් අයිති වෙන්නේ නෑ

දුටුව දා පටන්.......... මගේ සිත බැදුනා
ඔය සුදු මුහුණේ.......... මගේ සිත රැදුනා
ඇහැල මලේ කොළ .......පෝරුව සැදුනා
සතුටු කදුළු මැද...... ඔබ මගේ නෝනා ......

මලක් වෙලා නුබ ......සුවද  හමන්න
ලදක් වෙලා නුබ......... සෙනෙහස දෙන්න
රැයක් වෙලා නුබ .....ලොවක් තනන්න
මලක් වෙලා නුබ........ දරුවන් දෙන්න ......
http://www.youtube.com/watch?v=cizhCTOvOlQ

 
Blogger Templates