Pages

Subscribe:

Saturday, August 3, 2013

හන්තානෙට පායන හඳ (ගායනය අමරසිරි පිරිස් )

හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න


ගායනය – අමරසිරි පීරිස්
සංගීතය – විශාරද ඩෙනිස්ටර් පෙරේරා

0 comments:

 
Blogger Templates