Pages

Subscribe:

Thursday, July 4, 2013

සුළගේ ලෙලෙනා..

සුළගේ ලෙලෙනා..
සුළගේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ

ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ..//
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..

සුළගේ ලෙලෙනා...

සාම ලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ..//
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ...

සුළගේ ලෙලෙනා...


ගායනය : ශාලිත අබේවික්‍රම
http://www.youtube.com/watch?v=WCvFw0Lhd8w 

පිහිටක් නැති සරණක් නැති

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ............
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා............
බුදු හාමුදුරුවනේ....//

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා...........
(බුදු හාමුදුරුවනේ....//)

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා..........
(බුදු හාමුදුරුවනේ....//)


 ගායනය විශාරද ගුණදාස කපුගේ

විලේ තබරු මල් පිපුනට මල්

විලේ තබරු මල් පිපුනට මල් නෙලන්න විලට යන්න ඒපා රත්තරන්
පලු රෑයක දුක දැනුනට දුක නිවේන්නන ඉකි බිදින්න ඒපා රත්තරන්

දුරස් වෙලා ඔබ සිටියත් ගොස් දුර ඈතක
මගේ සිත තනිය මකාවි.........
ඔබේ සුවද නොතිබුනාට මේ ලග පාතක
මට පෙම් සුවඳ දැනේවී....... 

පිපෙන කසුමි පෙති ගිලිහේනන සොදුරු දසැදැවක
ඕබේ සිතට දුකක් දැනේවි........
පා කරන්න දුක ලියලා පුලුන් වලා වක
හදවත සැහැල්ලු වේවි......... 



ගායනය සුමින්ද ශ්‍රීමාල්


 
Blogger Templates